ආයතන අංශය
තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් තිරීම.
ප්‍රධාන කාර්යයන්
- බලපත්‍ර ලබාදීම
- ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරිම
- බලපත්‍ර අලුත් කිරීම
- ආදායම් එකතු කිරීම
සමාජ සේවා අංශය
ප්රතිලාභ නොලද හා පීඩා විඳින සමාජ කණ්ඩායම් සහන සැලසීම් තුළින් සමාජ සංවර්ධනය සඳහා
ප්‍රධාන කාර්යයන්
- ආබාධිත පුද්ලයින්ට අධාර හා උපකරණ වෙන් කිරීම
- වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
- වියළි සලාක ලබා දීම
සැලසුම් අංශය
ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
- දියුණු අවශ්‍යතා හඳුනා ගැනීම
- ව්‍යාපෘති ඇගයීම
- ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව සංවිධානය කිරීම
- කොට්ඨාශය තුළ සම්පත් පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම
ගිණුම් අංශය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම.
ප්‍රධාන කාර්යයන්
- වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
- ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
- භාණ්ඩ සමීක්ෂණ සම්බන්ධ කටයුතු
- විගණන විමසුම් මෙහෙයවීම
- මුල්‍ය ප්‍රකාශන සැකසීම
රෙජිස්ට්‍රාර් අංශය
උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම.
ප්‍රධාන කාර්යයන්
- උපත්,විවාහ හා මරණ ලියාපදිංචිය
- උපත්,විවාහ හා මරණ සහතික නිකුත් කිරීම
ඉඩම් අංශය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ඇති රජයේ ඉඩම් මනා කළමනාකාරීත්වයකින් යුතුව ඉඩම් නොමැති පුද්ගලයින් සදහා බෙදා දීම හා නිරවුල් අයිතිය ලබා දීම.
ප්‍රධාන කාර්යයන්
- වාර්ශික හා දිර්ඝ කාලින බදු බලපත්‍ර නිකුත් කිරිම
- ඉඩම් වන්දි ගෙවීම් සම්බන්ධ මූලික කටයුතු
- දැව බලපත්‍ර හා දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිම
- ඉඩම් බදු ආදායම් එකතු කිරිම
- අඩු ආදායම් ලාභීන් සදහා ඉඩම් බලපත්‍ර ලබා දීම
- ආගමික ස්ථාන සදහා පූජා ඔප්පු නිකුත් කිරීම
- ඉඩම් බලපත්‍ර සදහා දීමනාපත්‍ර ලබා දීම
- දීමනාපත්‍ර ඉඩම්වල පසු කටයුතු ඉටු කිරීම
අනුප්‍රාප්තිය නම් කිරීම
මුල් අයිතිය ලබා දීම
ඉඩම බැහැර කිරීමට අවසර දීම
දීමනාපත්‍ර ඉඩම්වල වරද නිවැරදි කිරීම
කොන්දේසි ලිහිල් කර නව දීමනාපත්‍ර ලබා දීම















