Sena 1  Sena

සේනා දළඹුවා ව්‍යාප්තවීම පිළිබද මෙම කොට්ඨාසයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී 2019.01.25 දින පැවැත්විණි.

මේ සදහා කලාප සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.ඩී. සමරවීර මයා, බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ (කීට) ඩී.ජී. එස්. එන්. චන්ද්‍රසේන මිය,  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගන්නොරුව කාර්යාලයේ ප්‍රධාන කෘෂි විශේෂඥ(පළතුරු හා බෝග) ඉමානී ගම්මන්පිල මිය ප්‍රධාන දැනුවත් කිරීම් සිදුකරන ලදී.

 කලාපයේ නිලධාරීන් සේනා දළඹුවාගේ ව්‍යාප්තිය පිළිබද දීර්ග වශයෙන් පැහැදිලි කල අතර ඒ පිළිබද වාර්තා වුවහොත් කඩිනමින් මෙම නිලධාරීන් දැනුවත් කිරීම සදහා ගොවි ජනතාවට මෙම දැනුම ලබාදෙන ලෙස  කලාපයේ නිලධාරීන් දැනුවත් කරන ලදී.

පුවත් සහ සිදුවීම්

Scroll To Top