සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර - 2024 සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇත. 2024.11.25 සිට 2024.12.09 දක්වා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකිය. අයදුම් පත්‍රය සහ උපදෙස් පත්‍රිකාව පරීක්ෂා කිරීම සඳහා https://iwms.wbb.gov.lk/ පිවිසෙන්න.




2024.07.19 වන දින ඉබ්බාගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට, ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සව් දන්සැලක් පවත්වන ලදී.
සංචරණ සීමා පනවා ඇති කාලය තුල ජංගම රථ මඟින් අත්‍යඅවශ්‍ය භාණ්ඩ ප්‍රවාහණය සඳහා බලපත්‍ර ලාභීන් - ( ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ) ඔබ ප්‍රදේශයට පැමිණෙන මෙම ජංගම රථ මඟින් ඔබට අවශ්‍ය අත්‍යඅවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගත හැක.



ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ගිණුම් අංශයේ කව ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කල ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022.05.23 දින දවස පුරා කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පැවැත්විනි. මේ සදහා කොට්ඨාසයේ ජනතාව ද අවට රාජ්‍ය ආයතනවල නිලධාරීන් හා කාර්යාලීය නිලධාරීන් 100 ආසන්න පිරිසක් ලේ පරිත්‍යාග කරන ලදී. මෙහිදී ලේ පරිත්‍යාග කල සියළු දෙනාට පැළ ලබා දීම ද සිදු කරන ලදී.


ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොවිඩ් - 19 රෝග පාලනය හා ප්‍රජා සත්කාරක සේවාවන්
ප්‍රජා සත්කාරක සේවාවන්
- ආබාධිත දීමනා, වැඩිහිටි දීමනා ආදී ගෙවීම් ග්‍රාම නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් මගින් නිවසටම ගොස් ලබාදීම.
- රෝහලේ සායන මගින් ඖෂධ ලබාගන්නා රෝගින්ට ග්‍රාම නිළධාරින් හා ආර්ථික සංවර්ධන නිළධාරින් මගින් නිවෙස් වෙතට ගොස් ඒවා බෙදා දීම.
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වසම් මට්ටමින් වියලි ආහාර,එළවළු,බේකරි නිෂ්පාදන විධිමත් ලෙස බෙදා හැරීම.
- වසම් මට්ටමින් උපකාර අවශ්‍ය පවුල් තෝරාගෙන ප්‍රදේශයේ ව්‍යාපාරික මහතුන් හා පරිත්‍යාගශීලීන් සමඟ එක්ව වියලි සළාක මළු බෙදා දීම.
- කොට්ඨාසයේ ජනතාවට සිදුකරන අත්‍යවශ්‍ය දැනුවත් කිරීම් ග්‍රාම නිලධාරී හා ආර්ථික සංවර්ධන නිලධාරී මගින් සිදු කිරීම
- අත්‍යවශ්‍ය සේවා පිලිබදව සෑම බදාදා දිනකම කොට්ඨාශයේ රාජ්‍ය ආයතන ප්‍රධානින් රැස් කර ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කටයුතු කිරීම.
කොවිඩ් - 19 රෝග නිවාරනය
- වැඩමුර ක්‍රමයට අත්‍යවශ්‍ය නිළධාරින් පමණක් කැඳවිම
- කාර්යාලීය පිවිසුමෙහි හා අභ්‍යන්තරයෙහි විෂබීජහරන ක්‍රියාවලිය
- නිලධාරීන් සදහා සියළු දැනුවත් කිරීම් දුරකථන පනිවිඩ, ටිවිටර් පණිවිඩ හා වට්ස් ඇප් වැනි තාක්ෂණික මෙවලම් යොදාගෙන සිදු කිරීම.
- රෝහල,පොලිසිය,ප්‍රාදේශීය සභාව,සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය,ගොවිජන සේවා මධ්‍යස්ථාන හා අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව ප්‍රාදේශීය කමිටු පිහිටුවිම,රැස්වීම හා රෝග ව්‍යාප්තිය අවම කිරිම හා ජන ජීවිතය අඛන්ඩව පවත්වාගෙන යාම
- කාර්යාලයේ නිලධාරීන් වෙනුවෙන් පැවත්වෙන රැස්වීම් අවම කිරීම.
- කොට්ඨාශයට පිටතින් පැමිණී (විදේශගතව, සංචාරයකර, අපනයන කළාපවල සිට) පවුල් පිළිබඳව තොරතුරු ලබා ගැනීම හා එවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා පොලිසිය එක්ව අධීක්ෂණය කිරීම.
- ග්‍රාම නිලධාරී ඇතුළුව නිලධාරීන්ගේ අධීක්ෂණය මගින් කොරෝනා ආසාදිතයැයි සැක සහිත හා වෙනත් ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් හදුනාගැනීම.
- නිරෝධායනය වන දින 14 ද ඊට පෙර හා පසු හැසිරීම් සම්බන්ධව ද පොලීසිය හා සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලය හා එක්ව විශ්ලේෂණය හා දින 14 තුළ හැසිරීම් අධීක්ෂණය කිරීම හා නිරෝධායනයට පත්වූවන්ට උපකාර කිරීමට ආරක්ෂිත ක්‍රමවේද හදුන්වා දීම.
- වෙනත් දිස්ත්‍රිකයකින් පැමිණි සියල්ලන් ග්‍රාම නිලධාරී, පොලීසිය, සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලය පසු විපරම් සටහන් කර ගැනීම හා තොරතුරු සත්‍ය අසත්‍යතාවය පසුවිපරම් කිරීමට පොලිසිය මගින් තොරතුරු ලබාගැනීම.ග්‍රාම නිලධාරී මට්ටමින් තොරතුරු ජාලයක් පවත්වා ගැනිම















